කලාව සහ ජීවන රටා

ලොවම කැළඹූ සිතුවම් කිහිපයක්

Published

Search Icon Search Icon Search Icon Search Icon

කලාව යනු මනුෂ්‍යයා විසින් සම්පාදනය කරගනු ලැබු අපූර්වතම අංගයක් ලෙස සැලකිය හැකිය. ඊට ප්‍රධානතම හේතුව වන්නේ එය විශ්ව ව්‍යාපී සංකල්පයක් හෙවත් ලෝකයටම පොදු සංකල්ප සන්දර්භයක් ගොඩ නගන බැවිනි. එනම් බොහෝ අවස්ථාවලදී කලාව යන්න රස විදීමට ජාතිය – ආගම – වර්ගය – භාෂාව අදාළ වන්නේ නැත. නිදසුනක් ලෙස සංගීතය හෝ චිත්‍ර කලාව පෙන්වා දිය හැක.

ඒ නිසාම ඇතැම් අවස්ථාවල මෙම කලා කෘති එක සේ ජනප්‍රිය – ප්‍රසිද්ධ වීමට මෙන්ම මහත් ආන්දෝලනාත්මක සමාජ තත්ත්වයන් නිර්මාණය කිරීමටද හේතු පාදක විය හැකිය. ලෝක ඉතිහාසය තුළ එදාමෙදා තුර එවැනි මතභේදයට තුඩු දුන් සිතුවම් කිහිපයක් පිළිබද විස්තර ගෙන ඒමට මෙවර අප අදහස් කළෙමු. මෙහි ඇතුළත් වන්නේ එලෙස මතභේදයට තුඩු දුන් සිතුවම් බැවින්, එම කෘති සම්බන්ධයෙන් අප පාඨකයන් දැනුවත් කිරීමට විනා කිසිදු චරිතයකට – පුද්ගලයකුට – ආගමකට මින් කිසිදු උපහාසයක් – අපහාසයක් – හිංසාවක් කිරීමට අපේක්ෂා නොකළ බවත් වැඩිදුරටත් මෙහිදී සදහන් කරනු කැමැත්තෙමු.

මොනාලිසා (Monalisa)

(wykop.pl)

(wykop.pl)

ලියනාඩෝ ඩාවින්චිගේ වඩාත් ප්‍රසිද්ධම චිත්‍රය මෙය යැයි කීම නිවැරදිය. මෙම චිත්‍රය ලොව පුරා මහත් ආන්දෝලනයක් ගෙන දීමට සමත්ව ඇති සිතුවමක් වන්නේ මෙහි සිටින කාන්තාව කවුරුන්ද? ඇය සිටින්නේ කුමන ඉරියව්වකින්ද? (එනම් මුහුණෙහි සිනාවක් පවතීද? සතුටින්ද? දුකින්ද? යන්න පිළිබද විවිධ මත පවතී) එසේම ඩාවින්චිගේ සිතුවම් තුළ සැගවුණු රහස්, විවිධ සංකේත අන්තර්ගත වන බවටද පිළිගත් මතයක් පවතින බැවින් මෙම චිත්‍රයේදී පසුබිම තුළ සිංහයෙකු, වානරයකු, හරකකු. සර්පයකු දැකගත හැකි බවද ඇතැම් විට වාර්තා කර ඇත.

ලියනාඩෝ ඩාවින්චි යනු හුදෙක් චිත්‍ර ශිල්පියකු නොව දාර්ශනිකත්වයකින් යුතු වූත් විද්‍යඥයකු මෙන්ම පර්යේෂණකාමිත්වයෙන් සහ කුතුහලයෙන් යුතු වූත් විශිෂ්ඨ බුද්ධියකින් යුතු තැනැත්තකු බවට මේ වන විට ලොව පිළිගත් මතයක් ගොඩනැගී ඇත. එසේම ඔහු විසින් පල්ලියෙහි අධිකාරියට රහසින් තහනම් කර තිබු විවිධ අත්හදා බැලීම් සහ පර්යේෂණ සිදුකළ බැවින් ඔහුගේ සිතුවම්වල සිට කටු සටහන් දක්වා විවිධ රහස් සගවමින් නිර්මාණ සිදු කර ඇති බවට පැවසෙන හෙයින් ඔහුගේ බොහෝ නිර්මාණ ‘මොනාසීලා“ මෙන්ම නිරන්තර සංවාදයට පාත්‍රවේ.

ලාස්ට් සපර් – Last Supper (අවසන් භෝජන සංග‍්‍රහය)

(jaydax.co.uk/)

(jaydax.co.uk/)

මෙම නිර්මාණයත් ඩාවින්චිගේ කලා කෘතියක් වන අතර මෙය ලොව පුරා සංවාදයට ලක් වුණු නිර්මාණයක් බව නොරහසකි. ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් හට පසුදින ඔවුන් අතර යමෙකු තමාව පාවා දෙන බවට පවසමින් ඔවුන් සමග යෙදෙන අවසන් භෝජන සංග‍්‍රහය මෙයින් නිරූපණය වේ. මෙය ඉතා විශාල කලා කෘතියක් වන අතර දිගින් අඩි 29 කුත් පළල අඩි 15 කුත් තරම් වේ.

මෙය කෙලින්ම බිත්තිය මත ඇඳ ඇති අතර මෙහි චරිත නිරූපණයෙහි ඇති වශේෂත්වය වන්නේ ජේසුස් වහන්සේ විසින් පාවාදීම පිළබද හෙළි කළ පසු ඔවුන් තුළ මතු වුණු විමතිය – ශෝකය – කෝපය යන හැගීම් මනාව ඉස්මතු කර තිබීමයි.

මෙය 1495 – 96 තරම් ඈත අවධියේදී සිදු කළ නිර්මාණයක් වීමත්, ෆ්‍රෙස්කෝ වැනි ක‍්‍රමයක් භාවිතා නොකර තිබීමත්, දෙවන ලෝක යුද සමයේ බෝම්බ ප‍්‍රහාර එල්ල වීඹත් යන කාරණා නිසා පසුකාලීනව විනාශ වෙමින් යන්නට විය. 1980 දශකයේදී අවුරුදු 19 ක දීර්ඝ මෙහෙයුමකින් පසු එය ප‍්‍රතිසංස්කරණය කිරීමට හැකිවූ නමුත් මේ වන විට එහි මුල් කලා කෘතියෙහි වර්ණ බොහොමය් ඉවත්ව ඇති අතර ඩාවින්චිගේ පින්සල් පහරවල් දැක ගත හැක්කේ වුවද සීමිත වශයෙන් බවත් වාර්තා වේ.

(cinematerial.com)

(cinematerial.com)

Da Vinci Code – නිර්මාණය

කෙසේ වෙතත් වර්ෂ 2003 දී ඩෑන් බ‍්‍රවුන්ගේ ‘ඩාවින්චි කෝඩ්’ (Da Vinci Code) නිර්මාණයත් සමග මෙම ‘ලාස්ට් සපර්’ කලා කෘතිය පිළිබද වැඩි අවධානයක් යොමු වන්නට පටන් ගත් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහිදී ඔහු විසින් කි‍්‍රස්තියානි නිකායෙහි ආරම්භය – ජේසුස් වහන්සේගේ රුධිර ධාතුව වැනි විවාදාත්මක මත රාශියක් ගොඩ නගමින් ඒවා ඩාවින්චි විසින් ‘ලාස්ට් සපර්’ චිත‍්‍රය තුළද සංකේතාත්මකව දක්වා ඇති බව දක්වනවා. කෙසේ වෙතත් මෙම නිර්මාණය චිත‍්‍රපටයකටද නැගෙන අතර මෙය ලොව පුරා කතෝලිකයන්ගේ දැඩි දෝෂදර්ශනයටද ලක් වූ කෘතියක් බවට පත් විය.

ද ප්‍රොෆට් (The Prophet)

(fineartamerica.com)

(fineartamerica.com)

මෙය ලෝකය පුරා ඉමහත් ආන්දෝලනයට පත්වූ තවත් චිත්‍රයකි. චෙඩ්‍රික් චේම්බර්ස් නම් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙහි ලෝක ප්‍රකට ස්ටාර් වොර්ස් චිත්‍රපටයෙහි එන ඩාත් වේඩර් නම් චරිතය විසින් ජේසුස් වහන්සේගේ සිරුර ඔසවාගෙන සිටින ආකාරය නිරූපණය කර ඇත.

එසේම මෙහි පසුබිමින් දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරය 9/11 ප්‍රහාරයෙන් පසු විනාශවී තිබුණු ආකාරයයි. ඒ අනුව චිත්‍ර ශිල්පියා විසින් මෙහිදී කතෝලිකයන්, ස්ටාර් වොර්ස් රසිකයන් සහ නිව්යොර්ක් නගර වැසියන් විවේචනයට බදුන් කොට ඇති බවට විවිධ මත පළ විය.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශිල්පින් පවසන්නේ තම නිර්මාණය විශේෂයෙන් මැදි වයසේ පසුවන්නන් අතර ඉතාමත් ආදරයට පාත්‍රවී ඇති බවටයි. ඔහු පවසන්නේ පළමුව මේ තුළ පරිණාමවාදය ඉදිරිපත් කළ චාල්ස් ඩාවින් විසින් ජේසුස් වහන්සේ ඔසවාගෙන සිටින ආකාරය නිර්මාණය කිරීමට සිතුවද ඩාර්ත් වේඩර් වැනි චරිතයක් ඊට උපයෝගී කර ගැනීම වඩාත් සාර්ථක වනු ඇති බවට පසුව සිතුණු බවයි.

එසේම ඔහු තවදුරටත් පවසා තිබුනේ “ජේසුස් සහ ඩාර්ත් වේඩර් යන චරිත දෙකම මම දකින්නේ එක සමාන ලක්ෂණවලින් යුතු චරිත දෙකක් විදිහට. දෙන්නාම ස්වයංජාත පුත්‍රයන් (virgin births)ය. ස්වයං කැපවීමක් සහිතය. විවිධ බලයන් සහිතය. අනෙක් අතට 9/11 ප්‍රහාරය සිදු වන්නේද මහම්මත් තුමාගේ පණිවුඩය පිළිගනිමින් ක්‍රියා කරන්නේ යැයි පවසන කණ්ඩායමක් අතිනි. මේ සියල්ලම එකට ගෙන අර්ථ නිරූපණය කරන විට මට හැගෙන්නේ ‘දෙවියන්‘ තුළින් හොද සහ නරක යන දෙකම සංකේතවත් වන බවයි“

එම්.එෆ්. හුසේන්ගේ සිතුවම්

මොහු 1915දී ඉන්දීය මහාරාෂ්ට්‍ර පෙදෙසෙහි උපන් තැනැත්තකු වන අතර ඉන්දියාව තුළ එදා මෙදාතුර සිටි මහත් මතභේදයට පාත්‍ර වුණු චිත්‍ර ශිල්පියෙකි. මොහු විසින් නිරන්තරයෙන්ම ඉන්දියානු ජනතා ආකල්ප විචේනයට පාත්‍ර කෙරෙන සංකල්ප සිතුවමට නැංවීය.

ෆෝබ්ස් සගරාව විසින් වරක් ‘ඉන්දියාවේ පිකාසෝ“ වශයෙන් මොහුව නම් කරන ලදී. නමුත් මෙම මතභේදාත්මක සිතුවම් නිසාවෙන් ඉන්දියාව තුළ ඔහු හට විශාල ප්‍රතිරෝධයක් ගොඩ නැගෙන්නට වූ අතර එනිසා ඔහු ඉන්දියාවෙන් නික්ම මියයන තෙක්ම එංගලන්තයේ වාසය කරන්නට සිදු විය.  

(speakingtree.in)

(speakingtree.in)

මෙහි දැක්වෙන්නේ හින්දු ජාතිකයන්ගේ වන්දනාමානයට පාත‍්‍රවන ගණ දෙවියන්ගේ සිතුවමකි. මෙහි ඇති විශේෂත්වය නම් ගණ දෙවියන් වස්ත‍්‍රයන්ගෙන් තොරව සිතුවමට නගා තිබීමයි. මෙය ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් ඇති කරන්නට හේතු විය.

(speakingtree.in)

(speakingtree.in)

‘භාරත මෑණියන්’ ලෙස නම් කොට ඇති මෙම චිත‍්‍රයෙන් ද විශාල මහජන සංවාදයක් ඇති වූ අතර විචාරකයන් විවිධ ආකාරයට මෙම සිතුවම් අර්ථ විග‍්‍රහ කරවයි.

(test.catchnews.com)

(test.catchnews.com)

‘නිරුවත් ලක්ෂ්මි දෙවඟන ගණ දෙවි හිස මත සිටීම’ යනුවෙන් නම්කර ඇති සිතුවම ඔහුගේ තවත් විවාදපන්න සිතුවමකි. මෙය ප‍්‍රදර්ශනය කළ විට මෙම නිර්මාණයට එරෙහිව අපරාධ පැමිණිල් පහක් ඉදිරිපත් වූ බවට වාර්තා වේ.

වන් නේෂන් අන්ඩර් සෝෂියලිසම් – One nation under Socialism (සමාජවාදය යටතේ එක් ජාතියක්)

(jonmcnaughton.com)

(jonmcnaughton.com)

මෙය නූතන චිත‍්‍ර කලාව (මොඩර්න් ආර්ට්) තුළ විශාල වශයෙන් සංවාදයට බදුන්වූ කලා කෘතියකි. මෙහි සිටින්නේ  ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාය. ඔහු අත ඇති ගිනි ගෙන දැවෙන ලියවිල්ල අන් කවරක් නොව ඇමෙරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. මෙහි නිර්මාණකරු ලෙස සැලකෙන ජෝන් මැක්නොටන් මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

“මෙතාක් කාලයක් ඇමෙරිකාව පාලනය කරන ලද පාලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගමන් කොට ඇත්තේ සමාජවාදි රාජ්‍ය පාලන ක‍්‍රමයකට සමගාමී තත්ත්වයක බව මගේ අදහසයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අප වෙත පෙන්වාදී ඇති අයිතීන් හා නිදහස සැබවින්ම අපට පවතීද යන්න මට ප‍්‍රශ්නයක්. ‘සමාජවාදය යට එක් ජාතියක්’ යන තේමාව යෙදෙන්නේත් ඒ අර්ථයෙන්.”

“සමාජවාදය යනු ලෝකයේ කිසිදු රටක සාර්ථකව කි‍්‍රයාත්මක නොවූ සංකල්පයක්. එය සෑම අවස්ථාවකදීම පාලකයන් විසින් යොදාගත්තේ තමන්ගේ වාසියට. සමාජවාදය ස්ථාපිත වූවායැයි කියා ඒ ඒ රටවල සාමාන්‍ය ජනතාවට සිදු වුණු අමුතු යහපතක් නැත. ඒනිසා මම දකින්නෙත් ඇමෙරිකාව එවැනි රාජ්‍යයක් විදිහටයි.”

නිර්මාණකරුවන් සමාජය විසින් පනවා ඇති බාධක පවුරු බිදදමමින් තමන්ගේ නිර්මාණ කාර්යයෙහි නිරත වන බව මේ අනුව පැහැදිලිය. එකී නිර්මාණ කිරීමේ නිදහස නිර්මාණකරු සතු වන අතර එකී නිර්මාණ රස විදීම සබුද්ධික ජනතාව වශයෙන් අප සිදු කළ යුතු වැදගත් කාර්යයක් වේ. එකී රස පුද්ගලානුබද්ධ විය හැකි බව අප විසින් පැහැදිලිවම මෙන්ම අනිවාර්යයෙන් වටහා ගත යුතුය. එහෙයින් අප විසින් සෑම විටෙකම කලාකරුවාගේ නිර්මාණ ශක්තිය සහ නිදහස අගය කළ යුතු ය.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

Comments